| සමිභාවනීය
ඉතිහාසයකට හිමිකමි කියන ශ්‍රී ලංකාෙවි වාරිමාර්ග සභ්‍යත්වය තුල මුළු
මහත් ඡාතියේ අති උදාර ප්‍රණාමයට ලක් වූ සුවිශේෂ ව්‍යාපාරයක් ලෙස මහවැලි
සංවර්ධන ව්‍යාපාරය නමි කල හැක. එමෙන්ම ලෝකයේ ඇති රටවල් අතුරින් එක් රටකට
අයත් භූමි ප්‍රමාණය අනුව කරණ ලද සංවර්ධන ව්‍යාපාර අතුරින් විශාලතම සංවර්ධන
ව්‍යාපාරය ශ්‍රී ලංකාෙව් අාරමිභ කල මහවැලි සංවර්ධන ව්‍යාපාරය ලෙස තවදුරටත්
හැදින්විය හැක. එයට හේතුව ශ්‍රී ලංකාෙවි මුළුමහත් බිමි ප්‍රමාණයෙන්
40% ක් පමණ එයට අයත් වීමය.
ඉහල ගංගා ද්‍රෝණියේ අතිවිශාල
ඡලාශ ඉදිකරමින් පහල ගංගා ද්‍රෝණියේ විශ්මිත යටිතල පහසුකමි ගොඩනංවමින්
ඡාතික ආර්ථිකයේ නවෝදය උදෙසා මහගු මෙහෙවරක් ෙමම ව්‍යාපෘතිය තුලින්
ඡාතියට දායාද කොට ඇත. ඝන වනාන්තරයෙන් වැසුණ ප්‍රදේශ ආලෝකමත් කරමින්
මුඩුබිමි කෙත්වතු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා නව ඡීවයක් ලබාදුන්
දැවැන්ත ව්‍යාපාරයකි. නව කෘෂිකාර්මික බිමි සහ ඡනාවාස ඇති කිරීමත් රෙටි
ආර්ථික සංවර්ධනය උදෙසා අපේ සමිපත් ක්‍රමවත්ව යොමුකර ගැනීමත් මහවැලි
ව්‍යාපාරයෙන් අප ලැබූ උදාරතර ඡයග්‍රහණයන්ය. එබැවින් මහවැලි ව්‍යාපාරය
ලක් ඉතිහාසයේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ සුව්ශේෂ බහු කාර්ය ව්‍යාපෘතියක්
ලෙස අවිවාදයෙන්ම පිලිගත යුතුව ඇත.
මහවැලි
ගග
බුදුහිමි සිරිපා පහස ලත්
සමනල ගිරිහිසින් ඇරඹි සියළු දිසාවන් කරා ගලාබස්නා ගංගා ඇල මාර්ග සමූහයක්
ශ්‍රී ලංකාවේ ඇත. “මහවැලි, කැළණි,වලවේ , කළු යන ගංගාවෝ සමනල කන්ද මුදුනේ
සිට පැන නැංග ඒවා ලෙස සැලකේ. මේවායේ පෝෂණය සදහා නිරිත හා ඊසාන වැසිද
මෝසමි වැසි සහ සංවහන වැසිද ලැබේ. මීට අමතරව අවුරැද්ද මුළුල්ලේ මධ්‍යම
කදුකරයට ලැබෙන වර්ෂා ඡලය හා උල්පත් මගින් ලැබෙන ඡලයෙන් ඝන මීටර් 40700*
103 පමණ වාර්ෂිකව මේ ගංගා හා ඇල මාර්ග ඔස්සේ ගලා බසී. සිවි දෙසට ගලාබස්නා
ගංගා මංඩලයෙන් මහවැලි ගගට හිමිවන්නේ සුවිශේෂී සථානයකි. මෝසමි සෘතු
දෙකේදීම ඡලය සැපෙයන පෝෂක ප්‍රදේශයක් ඊට අයත්වීම මෙයට මූලික හේතුවකි.
මධ්‍යම කදුකරයෙන් උතුරු දෙසට ගලන ශ්‍රී ලංකාවේ එකම ගංගාව මහවැලි ගගයි.
මහවැලි
ගගේ මුළු දිග
වර්ග කි. මි. 65525 ක්
පමණ වන ශ්‍රී ලංකාව මධ්‍යම කදුකරයකින් යුක්තය ඒ වටා පිහිටි තැනිතලාවකින්
යුත් භූ විෂම තා ලක්ෂණ පෙන්නුමි කරණ යටි නමි මඩුල්ලක් සහිත කදුකරයක්
ලෙස එය භූ විද්‍යානුකූලව හදුන්වනු ලබයි. සමනල ගිරිහිස සිපගෙන අතුගංගා
අපමණ සමූහයකින් පෝෂණය ලැබ ගලන මහවැලි නදියේ මුළු දිග කි. මී. 335 කි
(සැතපුමි 206 කි.) ඡල ප්‍රමානය ඝන මීටර් 878* 103 මෙය මුළු දිවයිනේම
ගලාබස්නා ඡලකදින් 20% ට අධිකය.
ගමන්
මග
මධ්‍යම කදුකරයේ සිට කි.
මී. 24 පමණ වයඹ දෙසට හැරී ගලන ගංගාව ගිනිගත් හේන අසල සිට කටුගස්තොට
දක්වා උතුරු දෙසට හැරී ගලන්නේ මදක් නැගෙනහිර දෙසට බරවය. ගිනිගත්හේන
කටුගස්තොට අතරදී කොත්මලා ඔය, අටබාගේ ඔය ,නිලෙඹි ඔය සහ ගුරු ඔය ද සිය
ප්‍රවාහයට එක්කර ගන්නීය. කටුගස්තොටදී මදක් ගිනිකොන දෙසට බරව දුමිබර
යටිනැමිම දිගේ නැගෙනහිර දෙසටද එතැන් සිට වෙිරගන්තොට දක්වාද ගමන් කරයි.
වික්ටෝරියා ඇල්ල සහ රාඡසිංහ රඡු එගොඩ මෙගොඩ පැන්නේයයි ඡනප්‍රවාදයේ
එන රන්ටැඹෙි පටු අගාධය මෙම ගමන් මගේදී හමුවෙයි. කුරුදු ඔය, උමාඔය,බදුලු
ඔය හා ලොග්ගල් ඔය ද මෙි අතරදී මහවැලි නදියට එක් වේ. මෙසේ වනදුර්ඝ හා
ගිරිදුර්ඝ පසුකරණ මහවැලිය මිණිපේ සිට මහියංගනය පොලොන්නරුව හරහා ගලාගොස්
ත්‍රිකුණාමලයෙන් මුහුදට එක්වේ.
හෝර්ටන්තැන්නේ දහසකුත්
එකක් දියවැලි තුලින් උපත ලැබූ මෙහි ගමන් මග පරීක්ෂා කරණ විට පෙනී යන්නේ
එහි ඉතා සංකීර්ණ වූත් බහු ප්‍රවාහාත්මක වූත් ඡලවහන පද්ධතියක ලක්ෂණ
පෙන්නුමි කරණ ලද බවයි.
මහවැලි ගගේ දිසාරටාවන්
වෙනස් වූ බව දක්වන මහාචාර්ය කුලරත්නමි එය පරපෝෂිතයකු මෙන් අනික් ගංගාවන්හි
ඡලය සමිපූර්ණයෙන්ම උදුරාගනිමින් විශාල ප්‍රදේශයක ඡලය තමන් වෙත හරවාගෙන
ගලාගිය බව පෙන්වා දී ඇත.
මහවලි ගංගාවේ සමස්ථ ඡලවහන ප්‍රදේශය
සමස්ථ ඡලවහන ප්‍රදේශය වර්ග
කි.මී.10448 පමණ වන අතර එය දිවයිනේ මුළු ඉඩමි ප්‍රමානයෙන් 16% ප්‍රමානයකි.
තෙත් කලාපයේ ඉහල මහවැලි පෝෂක ප්‍රදේශයේ වර්ග කි.මී 2124 ක පමණ ප්‍රදෙශයක
වාර්ෂික වර්ෂාපතනය මි.මි 1900 –
5500 දක්වා වේ. වියලි කලාපයේ පහල මහවැලි ඡලාශ්‍රිත ප්‍රදේශයේ වර්ග
කි.මී 1650 – 1900
දක්වා වෙයි.
මයවැලි ගංගාධාරයේ ඇති අධික
වර්ෂාපතනය නිසා ගංගා ඡලයෙන් විශාල භූමි ප්‍රමානයක ප්‍රදේශයක් සංවර්ධනය
කරන්නට හැකි අතර ඉහල ධාරා ප්‍රදේශයේ ඇති සීග්‍ර බෑවුමි තත්වය නිසා
විශාල ඡල වදුලි ප්‍රමාණයක් නිපදවීමේ හැකියාක්ද ඇත. මහවැලි සංවර්ධන
ව්‍යාපාරය ආරමිභ කරණ තෙක්ම දිවයිනේ අඩුවෙන්ම ප්‍රයෝඡනයට ලෙන ඇත්තේ
මහවැලි ගගේ ඡලසමිපත බව අපේ වාරිමාර්ග ඉතිහාසය තුලින් පැහැදිලි වේ.
|